සම්ප්‍රේෂණ කුලුනක තඹ කේබල් කැපූ අයෙකු අත්අඩංගුවට

සම්ප්‍රේෂණ කුලුනක තඹ කේබල් කැපූ අයෙකු අත්අඩංගුවට

December 10, 2025   07:36 am

රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඊයේ මෙම සැකකරු රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.