කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන ඉහළ යාමක්

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන ඉහළ යාමක්

December 9, 2025   04:10 pm

කොටස් වෙළෙඳපොළ මිල දර්ශ‍ෙවල කැපීපෙනෙන යුතු ඉහළ යාමක් අද(09) දක්නට ලැබුණි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 439.46කින් ඉහළ ගොස් ඒකක 22,034.32ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 77.47කින් ඉහළ ගොස් ඒකක 6,004.11ක් ලෙසින් සටහන් විය.

අද සමාගම් 197ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර කළම්බු ඩොක්යාර්ඩ්, සෙලින්කෝ හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ ACL කේබල්ස් යන සමාගම් සියළු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද ගනුදෙනු පිරිවැටුමෙහි අගය වාර්තා වූයේ රු. බිලියන 3.88 ක් ලෙසයි.