ට්‍රම්ප්ගේ දැඩි විවේචන මධ්‍යයේ නේටෝ මහලේකම්වරයා හදිසියේම වොෂින්ටනයට
April 2, 2026 11:12 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය මිත්‍ර රටවල් අතර පවතින මතභේද උච්චතම අවස්ථාවකට පත්ව ඇති පසුබිමක, නේටෝ මහලේකම් මාර්ක් රූට් ලබන සතියේ වොෂින්ටනයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙය කලක සිට සැලසුම් කළ සංචාරයක් බව නේටෝ ප්‍රකාශිකා ඇලිසන් හාර්ට් පවසන නමුත්, ට්‍රම්ප් විසින් නැටෝ සංවිධානයෙන් ඉවත් වන බවට කළ තර්ජන හේතුවෙන් මෙම හමුව ඉතා තීරණාත්මක වී තිබේ.
ඉරාන යුද්ධය හේතුවෙන් අවහිර වී ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට යුරෝපීය රටවල් සිය නාවික හමුදා එවීමට ප්‍රතික්ෂේප කිරීම ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
වයිට් හවුස් හි පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් "කඩදාසි කොටින්" ලෙස හඳුන්වමින් විවේචනය කළේය.
අමෙරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත් කර ගැනීමට තමන් සලකා බලන බව පැවසූ ට්‍රම්ප්, "අපට නේටෝව තුළ ඉතා නරක මිත්‍රයන් සිටිනවා. මම හිතන්නේ නැහැ අපට ඔවුන්ව අවශ්‍ය වෙයි කියලා," යනුවෙන් ද ප්‍රකාශ කර තිබුණි.
1949 වසරේදී බටහිර රටවල ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවන ලද නේටෝ සංවිධානය, දශක හතකට අධික කාලයක් ලෝක දේශපාලනයේ ප්‍රධාන බලවේගයක්ව පැවතුණි.
කෙසේ වෙතත්, වත්මන් අමෙරිකානු පරිපාලනයේ මෙම දැඩි ස්ථාවරය හේතුවෙන් සමස්ත බටහිර ආරක්ෂක ව්‍යුහයම අවදානමකට ලක්ව ඇති බව විදේශීය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
