රෝගීන් 38කට අතවර කළැයි  එංගලන්තයේ වෛද්‍යවරයෙකුට චෝදනා

රෝගීන් 38කට අතවර කළැයි එංගලන්තයේ වෛද්‍යවරයෙකුට චෝදනා

December 6, 2025   02:42 pm

එංගලන්තයේ ප්‍රධාන රෝහල්වල සේවය කරමින් සිටියදී රෝගීන් 38දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ 38 හැවිරිදි නතානියෙල් ස්පෙන්සර් නම් අදාළ වෛද්‍යවරයාට ලිංගික අතවර චෝදනා 15ක්, පහරදීමේ චෝදනා 17ක් සහ වයස අවුරුදු 13ට අඩු දරුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා නවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවය.

2017 සහ 2021 අතර කාලය තුළ රාජකීය ස්ටෝක් විශ්වවිද්‍යාල රෝහලේ සහ තවත් රෝහලක රෝගීන් 38 දෙනෙකු මෙහි වින්දිතයින් ලෙස හඳුනාගෙන ඇත.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ලබන වසරේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තෙක් ඔහුගේ වෛද්‍ය සේවයෙන් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.