ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්
November 27, 2025 04:09 pm
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ.
ඒ අනුව මියගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.
