කොළඹ - බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

කොළඹ - බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

November 27, 2025   06:04 pm

කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එමෙන්ම නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු කිරීම ද තාවකාලිකව නවතා දමා ඇති බව සඳහන් වේ.