නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

November 21, 2025   05:13 pm

ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ නාය යෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අධියර 1 යටතේ මෙම අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට පියවර ගත් බවත් ඒ අනුව අද පස්වරු 04 සිට හෙට පස්වරු 04 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවත්ය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, ඌව පරණගම, කන්දේකැටිය, හල්දුම්මුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කොරළය, උඩුනුවර, තුම්පනේ, පස්බාග කොරළය, ගඟවට කොරළය, උඩුදුම්බර, උඩපළාත, පාතහේවාහැට, යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්,

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, දැරණියගල, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, රිදීගම, මල්ලවපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව, හඟුරක්කෙත, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, බලංගොඩ, ඉඹුල්පේ, කලවාන, රත්නපුර සහ කිරිඇල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මෙම අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.