රටම - එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ඇරඹෙයි
November 20, 2025 03:37 pm
'රටම - එකට' ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ටික වේලාවකට ප්‍රථම එක් විය.
තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3.00 පමණ මෙම වැඩසටහන ආරම්භ විය.
විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ වත්මන් රජයේ 'රටම එකට' ජාතික මෙහෙයුමේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
