ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මාරක අනතුරක්
November 16, 2025 11:49 am
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයන් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇත.
බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු රෝහල් ගත කරන විටත් මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු බව පොලිසිය පැවසීය.
තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
