පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධව අල්ලස් කොමිසමෙන් විමර්ශන
November 15, 2025 07:20 pm
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දේශපාලන අල්ලසක් ලෙස මත්පැන් බලපත්‍ර 02ක් සහ අයථා ක්‍රම මගින් උපයා ඇති දේපළ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහිදී අදාළ මන්ත්‍රීවරයා විසින් අල්ලස් කොමිසම හමුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද ලබා දී ඇත.
එමෙන්ම මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් කන්දවලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත මුදල් ගෙවා මත්පැන් හල ලබා ගෙන ඇති බවත් ඔහුට අයත්ව ඇති සුපිරි වෙළෙඳ සැල් දෙකක් පිළිබඳවත් තොරතුරු අනාවරණය වී තිබේ.
නමුත් එම වෙළෙඳසැල් ඔහුගේ සහෝදරියකගේ දියණියක් සහ ඔහු සහෝදරයෙක් හරහා ක්‍රියාත්හමක කරන බවට චෝදනා එල්ල වන අතර මෙම තොරතුරුවලට අදාළව ඉදිරියේදී මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා වේ.
