දිල්ලියේ පිපිරීම ගැන අමෙරිකාව කතා කරයි
සයුරෙන් එතෙර

දිල්ලියේ පිපිරීම ගැන අමෙරිකාව කතා කරයි

November 13, 2025   12:59 pm

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදුවී තිබේ.

ඒ, කැනඩාවේ පැවති G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුරය.

ඒ සම්බන්ධයෙන් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවීමට අවස්ථාවක් හිමිවීම සතුටට කරුණක් බවය.

එමෙන්ම ඔහු, දිල්ලිය ඉලක්ක කර එල්ලවූ බෝම්බ පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශෝකය පළ කිරීම අගය කරන බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

වෙළඳාම සහ සැපයුම්දාමයන් කෙරෙහි අවධානය යොමු කරමින් තමා සහ රුබියෝ ඉන්දියා-අමෙරිකානු ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කළ බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

යුක්‍රේන ගැටුම්, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ තත්ත්වය සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබේ.

මේ අතර G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් කැනඩාව, මෙක්සිකෝව, ප්‍රංශය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවල විදේශ අමාත්‍යවරුන් ද හමුවී ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයක් පවත්වා තිබේ.

ඉන්දියාව ආරාධිත හවුල්කරුවෙකු ලෙස මීට සහභාගිවී ඇත.