බස් - ලොරි අනතුරක්
November 10, 2025 03:55 pm
බුත්තල - මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අද (10) දහවල් එම අනතුර සිදුව ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායක බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
ඊට අමතරව බස් රථයේ රියදුරු ඇතුළු බස් රථයේ ගමන්කළ මගීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.
අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
