සයුරෙන් එතෙර
තලේබාන් පාකිස්තානයට අනතුරු අඟවයි
November 9, 2025 03:04 pm
තුර්කියේ පැවැති නවතම ඇෆ්ගනිස්තාන - පාකිස්තාන සාම සාකච්ඡා වටය එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
ඒ අනුව තුර්කිය සහ කටාර් මැදිහත්වීමේ උත්සාහයන් නොතකා පාකිස්තානය ප්‍රගතියට බාධා කරන බවත් වගකීම් විරහිතව ක්‍රියා කරන බවත් ඇෆ්ගනිස්තානය චෝදනා කරයි.
තලේබාන් රජය පවසා ඇත්තේ සාකච්ඡා සඳහා සත්කාරකත්වය සැපයීම සහ මැදිහත් වීම සඳහා තුර්කි ජනරජයට සහ කටාර් රාජ්‍යයට කෘතඥතාව පළ කරන බවය.
එමෙන්ම තම ආරක්ෂාව පිළිබඳ සියලු වගකීම් ඇෆ්ගන් රජයට යොමු කිරීමට පාකිස්තානය උත්සාහ කරන බවත් තලේබාන් පාලනය පවසයි.
පාකිස්තානයේ ක්‍රියාකලාපය හෙළාදකිමින් තලේබාන් සංවිධානය අවධාරණය කර ඇත්තේ ඇෆ්ගනිස්තානය කිසිවෙකුට තම භූමිය වෙනත් රටකට එරෙහිව භාවිත කිරීමට ඉඩ නොදෙන බවය.
ඕනෑම ආක්‍රමණයකට එරෙහිව ස්ථිරව ආරක්ෂා වීමට පොරොන්දු වන බවත් එම ප්‍රකාශයෙන් අවධාරණය කර තිබේ.
