ශ්‍රෙයාස් අයියර් රෝහලෙන් පිටව යයි
November 1, 2025 03:09 pm
තරගයක් අතරතුර අනතුරකට ලක්ව රෝහල් ගත කර සිටි ඉන්දීය මැදපෙළ පිතිකරු ශ්‍රෙයාස් අයියර් , ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
පසුගිය මස 25 වනදා ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් සිඩ්නිහිදී පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඇද වැටීමෙන් ශ්‍රෙයාස් අයියර්ගේ ඉළඇට කිහිපයකට හානි සිදුව තිබුණි.
ඉන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් ඔහු සිඩ්නි නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයට යොමු කිරීම පියවර ගෙන තිබුණි.
රෝහල්ගතව සතියකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද දිනයේ එම රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රැඳී සිටිමින් ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු වීමට නියමිත බව ද සදහන්ය.
