රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි
November 1, 2025 11:54 am
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය පසුගියදා ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසන්නේ උපකුලපතිවරයා පත්කර ගැනීමේ අනීතික ක්‍රියාවලිය හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවය.
විශ්ව විද්‍යාලීය පාලක සභාව විසින්, උපකුලපති තනතුර සඳහා නම් කොට යවන ලද නාම යෝජනා තුන පසෙකලා, දේශපාලන මැදිහත්වීම් කරමින්, මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා නව නාමයෝජනා තුනක් එවන ලෙස දැන්වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
ඊට විරෝධය පළ කරමින් ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය, වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිතුමියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍රර කළ බව වර්ජනයේ නිරත ආචාර්යවරුන් පවසයි.
