නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

October 25, 2025   05:44 pm

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (25) පස්වරු 4:00 සිට හෙට (26) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය:
- ⁠නාගොඩ
- ⁠ඇල්පිටිය
- ⁠බද්දේගම

මහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
- කෑගල්ල
- ⁠මාවනැල්ල
- ⁠යටියන්තොට
- ⁠අරණායක
- ⁠දෙහිඹ්විට
- ⁠රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කය:
- කලවාන
- ⁠ඇහැළියගොඩ
- ⁠රත්නපුර

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
- ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:
- නෙළුව
- ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:
- ඉංගිරිය
- ⁠වලල්ලාවිට
- ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:
- ⁠දෙල්තොට
- ⁠දොළුව
- ⁠උඩුනුවර
- ⁠උඩපලාත
- ⁠පාතදුම්බර
- ⁠පාතහේවාහැට
- ⁠ගග ඉහල කෝරළය
- ⁠පස්බාගෙ කෝරළය
- ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
- ⁠රුවන්වැල්ල
- ⁠වරකාපොල
- ⁠බුලත්කොහුපිටිය
- ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- ⁠අලව්ව
- ⁠නාරම්මල
- ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:
- රත්තොට
- ⁠යටවත්ත
- ⁠උකුවෙල
- ⁠පල්ලෙපොල
- ⁠ලග්ගල
- ⁠නාඋල
- ⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය:
- වැලිපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- ⁠හගුරන්කෙත
- ⁠නේර්වුඩ්
- ⁠වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය:
- ⁠ඉඹුල්පෙ
- ⁠කිරිඇල්ල
- ⁠කුරුවිට
- ⁠අයගම
- ⁠පැල්මඩුල්ල