ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක්
October 25, 2025 12:26 pm
කළු ගඟ දෝණිය ආශ්‍රිතව ප්‍රදේශ කිහිපයක් සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟෙහි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය.
ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ, මගුර ගඟ සහ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මේ හේතුවෙන් කුඩා ගඟ හා මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවත් මේ තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලනේ යුතුව කටයුතු කරන ලෙසත් දන්වා ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත්ය.
