ට්‍රම්ප්ගේ ප්‍රකාශයට මෝදිගෙන් පිළිතුරු
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට මෝදිගෙන් පිළිතුරු

October 24, 2025   07:50 am

දීපාවලි උත්සවයට සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූතිය පළකර තිබේ.

ලොව බලවත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක ලෝකය බලාපොරොත්තුවෙන් ආලෝකමත් කරනු ඇතැයි තම ප්‍රාර්ථනාව බවද මෝදි පවසා ඇත.

"අපගේ මහා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක ලෝකය බලාපොරොත්තුවෙන් ආලෝකමත් කර එහි සියලු ආකාර ත්‍රස්තවාදයට එරෙහිව එක්සත්ව නැගී සිටිනු ඇත," යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා X සටහනක් තබමින් පවසා තිබේ.

දීපාවල උත්සවයට සමගාමීව ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයට අමෙරිකානු ජනාධිපතිවරයාද පසුගියදා සහභාගී වී තිබිණි.

එහිදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි යනු විශිෂ්ට පුද්ගලයෙකු සහ හොඳ මිතුරෙකු බවය.