සයුරෙන් එතෙර
තලේබාන් පාලනයෙන් පාකිස්තානයට රතු එළියක්
October 21, 2025 05:28 pm
ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට හෝ රටේ ආරක්ෂාවට බාධා කිරීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
දෝහා සිට පැවති මාර්ගගත මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුජාහිඩ් අවධාරණය කර ඇත්තේ 'Durand' රේඛාව මනංකල්පිත බවත් එය ගිවිසුමේ කිසිදු කොටසක සාකච්ඡා කර නොමැති බවය.
මෙම ගැටලුව රටවල් අතර පවතින ගැටලුවක් බවද ඔහු අවධාරණය කළේය.
දෝහාහි පැවති ඇෆ්ගනිස්තාන-පාකිස්තාන සාම සාකච්ඡාවලින් පසුව මෙම අදහස් දක්වමින් තලේබාන් ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පාකිස්තානය දෙරට අතර ජාත්‍යන්තර මායිම් රේඛාව පිළිබඳව අසත්‍ය නිර්මාණය කර ඇති බවය.
එබැවින් එවැනි මනංකල්පිත කරුණු සම්බන්ධයෙන් සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස සාකච්ඡා නොකළ බවද ඔහු අවධාරණය කරයි.