අවවාදාත්මක නිවේදනයක්

අවවාදාත්මක නිවේදනයක්

October 21, 2025   01:44 pm

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද පස්වරු 1.00ට නිකුත්කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද එම නිවේදනයේ දැක්වෙන්නේ, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙසය.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේවන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. 

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාවට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින් විට පැ. කි.මී. (55–65) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.