දැයේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන අප ක්ෂේත්‍රය තුළ තව තවත් සක්‍රීය විය යුතුයි - අමාත්‍ය සරෝජා පෝල්රාජ්

දැයේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන අප ක්ෂේත්‍රය තුළ තව තවත් සක්‍රීය විය යුතුයි - අමාත්‍ය සරෝජා පෝල්රාජ්

October 20, 2025   01:02 pm

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් සුරක්ෂිත කිරීම, ආර්ථික හා සමාජීය  වශයෙන් සවිබල ගැන්වීම උදෙසා ක්‍රියාත්මක  වන ව්‍යාපෘති පිළිබඳවත්, මුල් ළමාවිය සංවර්ධනය, ළමා ආරක්ෂනය සහ රැකවරණය පිළිබඳ ප්‍රගතියත් සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (17) පැවැත්විණි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙය පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරිය ළමා හා කාන්තා ප්‍රජාව පොදුවේ මුහුණ දෙන ගැටලු හා එම ගැටළු නිරාකරණය කිරීම සඳහා අප අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ටී.බී. සරත් මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා, පද්මසිරි බණ්ඩාර මහතා, පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් නිරෝෂා හපුහින්න මහත්මිය යන මහත්ම  මහත්මීන් සහ කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයේ පොළොන්නරුව දිස්ත්‍රික්  ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව සිටියහ.