ඉන්දියානු වෙළෙඳපොළ කෙරෙහි බ්‍රසීලය උනන්දුවෙන් 
සයුරෙන් එතෙර

ඉන්දියානු වෙළෙඳපොළ කෙරෙහි බ්‍රසීලය උනන්දුවෙන් 

October 20, 2025   03:23 pm

ඉන්දියාව සහ බ්‍රසීලය අතර දේශපාලන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ සුවිශේෂී වෙළඳපොළ උපයෝගී කරගැනීමේ වැදගත්කම බ්‍රසීල ජනාධිපති මෙලෙස අවධාරණය කර ඇත.

බ්‍රසීල ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සිදු වූයේ එරට උප ජනාධිපතිගේ ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් දිනකට පසුවය. 

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ලබන වසරේ ලූලාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය සඳහා අඩිතාලම දැමීම මෙහි අරමුණ වෙයි. 

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ බොහෝ බ්‍රසීල සමාගම් ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා සොයමින් සිටින බවය.