ජාත්‍යන්තර තරග 500ක් ක්‍රීඩාකර රෝහිත් සුපිරි කඩඉමක් පසුකරයි
October 19, 2025 06:41 pm
ජාත්‍යන්තර ක්‍රිකට් තරග 500ක් ක්‍රීඩා කළ ලොව 11 වන ක්‍රීඩකයා ලෙස ගෞරවාන්විත කඩඉමක් පසුකිරීමට ඉන්දීය හිටපු නායක රෝහිත් ශර්මාට අද (19) හැකිවිය.
එවැනි දස්කමක් දැක්වූ 5වන ඉන්දීය ක්‍රීඩකයා ඔහු වේ.
ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද තරගයට ක්‍රීඩාකරමින් රෝහිත් මෙම කඩඉම පසුකර ගියේය.
ඔහු මේ වනවිට ටෙස්ට් 67ක්, එක්දින 274ක් හා විස්සයි20 තරග 159ක් ලෙස ජාත්‍යන්තර තරග 500 සම්පූර්ණ කර ඇත.
ලොව වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකර ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් වන අතර, ඔහු තරග 664ක් ක්‍රීඩාකර තිබේ.
ශ්‍රී ලංකා හිටපු නායකයින් ත්‍රිත්වයක් වන මහේල ජයවර්ධන (652), කුමාර් සංගක්කාර (594), සනත් ජයසූරිය (586) එහි පිළිවෙළින් දෙවන, තෙවන හා සිව්වන ස්ථානයන්හි රැඳී සිටී.
ඊට අමතරව රිකී පොන්ටින් (5/560), විරාට් කෝලි (6/550), එම්.එස්. දෝනි (7/538), ෂහීඩ් අෆ්රිඩි (8/524), ජැක් කාලිස් (9/519) හා රාහුල් ඩ්‍රාවිඩ් (10/509) වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකළ පළමු දස දෙනා අතරට ඇතුළත් වේ.