නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
October 19, 2025 05:21 pm
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (19) පස්වරු 4:00 සිට හෙට (20) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කළ ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩ
- ඇල්පිටිය
- නෙළුව
මහනුවර දිස්ත්‍රික්කය:
- උඩුනුවර
- උඩුදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය:
- මාවනැල්ල
- රුවන්වැල්ල
- අරණායක
- රඹුක්කන
- කෑගල්ල
- බුලත්කොහුපිටිය
- යටියන්තොට
- ගලිගමුව
මාතලේ දිස්ත්‍රික්කය:
- රත්තොට
- යටවත්ත
- උකුවෙල
- පල්ලෙපොල
- අඹන්ගග කෝරළය
- ලග්ගල
- නාඋල
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- හගුරන්කෙත
- වලපනේ
රත්නපුර දිස්ත්‍රික්කය:
- කලවාන
- ඉඹුල්පෙ
- ඇහැළියගොඩ
- රත්නපුර