අදත් රත්තරන් ඉහළට
October 15, 2025 10:32 am
මෙරට රත්රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 342,300ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 337,600ක් ලෙසය.
මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 365,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.