මොරගහකන්ද ජලාශයෙන් විවිධ පතොරම් 715ක් සොයාගනී

මොරගහකන්ද ජලාශයෙන් විවිධ පතොරම් 715ක් සොයාගනී

October 12, 2025   03:25 pm

මොරගහකන්ද ජලාශයේ සිදුකළ මෙහෙයුමකදී ටී 56 උණ්ඩ ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ.

පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ උණ්ඩ තොගය සොයා ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව ටී 56 උණ්ඩ ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ 715ක් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ පතරොම් කවුරුන් විසින් මෙම ස්ථානයට සඟවා තැබුවා ද යන්න සම්බන්ධව වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.