ශ්‍රී ලංකාවට ලකුණු 254ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 254ක ඉලක්කයක්

October 11, 2025   06:55 pm

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 253/9ක් රැස්කිරීමට සමත් විය.

මෙහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකල නැට් ස්කිවර්-බ්‍රන්ට් ලකුණු 117ක් රැස්කළාය.

පන්දු 117කින් හැඩවූ ඇගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙම ශතකයත් සමග ඇය එක්දින කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශතක 5ක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වූවාය.

මීට පෙර ඇය නවසීලන්තයේ සුසී බෙට්ස් සමගින් ශතක 4ක් ලබා සමතැන් ගෙන සිටියාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනෝකා රණවීර (3/33), සුගන්ධිකා කුමාරි (2/66) හා උදේශික ප්‍රබෝධනී (2/55) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. 

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.