පාකිස්තානයේ දුම්රියක් ඉලක්ක කර පිපිරීමක්
සයුරෙන් එතෙර

පාකිස්තානයේ දුම්රියක් ඉලක්ක කර පිපිරීමක්

October 8, 2025   09:05 am

පාකිස්තානයේ බලොචිස්තාන් පළාතේ සීග්‍රඝාමී දුම්රියක් ඉලක්ක කර පිපිරීමක් සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 07  දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ක්වේටා බලා ධාවනය වූ දුම්රිය පාකිස්තානයේ සින්ද්-බලොචිස්තාන් දේශසීමාවට ආසන්නව සුල්තාන්කොට් ප්‍රදේශය අසලදී මෙම ප්‍රහාරයට ලක්වී තිබේ.

මෙම වසරේ දුම්රිය ඉලක්ක කරගත් ප්‍රහාර මාලාවක නවතම ප්‍රහාර මෙය බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම පිපිරීම රේල් පීල්ල මත සවිකර තිබූ පුපුරණ ද්‍රව්‍යයක් මගින් සිදුකරන ලද්දක් බවට සැක කරයි.

පිපිරීමත් සමග දුම්රිය මැදිරි 6ක් පමණ පීලි පැනීමට ලක්වී තිබේ.

පාකිස්තාන හමුදා නිලධාරීන් දුම්රියේ ගමන් කිරීම නිසා දුම්රිය ඉලක්ක කරන්නට ඇති බව පැවසෙයි.