පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ඊ සිගරට් අලෙවි කළ ස්ථානයක් වටලයි

පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ඊ සිගරට් අලෙවි කළ ස්ථානයක් වටලයි

October 4, 2025   03:58 pm

මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ සිදු කළ වැටලීමකදී පාසල් දරුවන් ඉල්ලක කරගෙන සිදු කරගන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් විවිධ මුදල් ප්‍රමාණයන්වලට දරුවන් හට ඊ සිගරට් අලෙවි කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු සන්තකයේ තිබී ඊ සිගරට් සහ මුදල් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ. 

සැකකරු මොණරාගල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර ඔහුව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.