හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කර ගනියි

හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කර ගනියි

October 3, 2025   09:50 pm

උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කරගෙන තිබේ.

එම හෝටලය අනුරාධපුර පේරියම් කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබූ අතර ඒ අනුව එම හෝටලය මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් විසින් කඩා ඉවත් කරන ලෙස නියෝග කර තිබුණි.

ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයාගේම පිරිසක් පැමිණ එම හෝටලය කඩා ඉවත් කර ඇති බවද වාර්තා විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිතවල මායිම් සළකුණු කිරීම සඳහා මෑතකදි රජය විසින් දියත් කළ වැඩසටහනකදී මෙම ඉදි කිරීම සම්බන්ධයෙන් අනාවරණ වූ අතර ඒ අනුව එම ගොඩනැගිල්ල මසක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබුණි.