කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

October 3, 2025   02:49 pm

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එය අද (03) රාත්‍රී 11 දක්වා වලංගු වේ.

ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇ.ති වේ.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.