පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට සන්නස් පත්‍රය පිළිගන්වයි
October 3, 2025 03:33 pm
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.
ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුවේදීය.
අස්ගිරි පාර්ශ්වයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්ස හිමි අපවත්වීමෙන් පසු පුරප්පාඩු වු අනුනායක පදවිය සඳහා අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කරනු ලැබීය.