ළමයින්ට දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත සංශෝධනය ගැන අධිකරණ ඇමතිගෙන් නිවේදනයක්
October 3, 2025 01:38 pm
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
අධිකරණ අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බවය.
ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වනදා පැවැත් වුණි.
එය විවාදයක් පමණක් මිස නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ බවත් අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදුවිය යුතු බැවින් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
එමෙන්ම මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වු මෙම පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර සිටී.