සයුරෙන් එතෙර
බංග්ලාදේශ පාලනයට එරෙහිව ජිනීවා හිදී විරෝධතා
October 3, 2025 08:00 am
බංග්ලාදේශ අන්තර්කාලීන පරිපාලනයට එරෙහිව ජිනීවා නුවරදී විරෝධතා මාලාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නොබෙල් ත්‍යාග ලාභී මුහම්මද් යූනුස්ගේ රජය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී යැයි පවසමින් අවාමි ලීග් නායකයින් මෙම විරෝධතාව පවත්වා තිබේ.
යූනුස් රට ආගමික අන්තවාදයට යොමු කරන බවට විරෝධතාකරුවන් එහිදී චෝදනා කර ඇත.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්විට්සර්ලන්තයේ අවාමි ලීගයේ මහලේකම් ෂයිමාල් ඛාන් පවසා ඇත්තේ යූනුස් රටේ බලය අල්ලාගත් බවය.
මෙම පාලනය සුළු ජාතීන්ට සහ විරුද්ධ මත දරන්නන්ට දැඩි ලෙස හානි කරන බවටද ඔහු චෝදනා කරයි.
බංග්ලාදේශයේ වත්මන් පාලනය තුළ හින්දු භක්තිකයින් පමණක් නොව, අනෙකුත් සුළු ජාතීන් ද වන්දි ගෙවමින් සිටින බවත් යූනුස් වහාම ඉල්ලා අස්විය යුතු බවත් අවාමි ලීගය පවසයි.