පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක්
October 2, 2025 08:34 am
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය සඳහන් කළේ බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන බවය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය.
"කලින් වසර වලට සාපේක්ෂව පරිවාසගත වන ළමුන් ගණන අඩුවීමක් දකින්ට පුළුවන්. දැනට පරිවාස ගත වෙලා ළමයි නවදාස් ගණනක් තමයි අපිට ඉන්නේ. "
පරිවාස මධ්‍යස්ථාන සහ ලිංගික අතරව සිදුවිම් ගැන වාර්තා වෙනවා ද?
"ජාතික දෙපාර්තමේන්තුව වශයෙන් අපිට පැමිණිල්ලක් ආවොත් ඊට අදාලව විමර්ශන කිරීමේ හැකියාවක් අපිට තියෙනවා."
වැඩි වශයෙන් පරිවාසගත වෙලා තියෙන්නේ මොන ප්රදේශවලද ?
"විශේෂයෙන්ම බස්නාහිර පළාතේ තමා ළමා සංවර්ධන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තියෙන්නේ. ඒ අනුව දරුවෝ වැඩි ප්‍රමාණයක් සිටින්නේ බස්නාහිර පළා තුළයි."