පාකිස්තාන රජයට එරෙහි විරෝධතා දැඩි වෙයි
සයුරෙන් එතෙර

පාකිස්තාන රජයට එරෙහි විරෝධතා දැඩි වෙයි

October 2, 2025   08:29 am

පාකිස්තාන රජයට එරෙහිව එරට පාලිත කාශ්මීරයේ අඛණ්ඩව තුන්වන දිනටත් ඊයේ විරෝධතා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විරෝධතාකරුවන් අතර උද්ගතවූ ගැටුම් හමුවේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

ගැටුම් හමුවේ සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද පැවසෙයි.

ගැටුම්වලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද මිය ගොස් ඇති අතර, තුවාල ලබා ඇති නිලධාරීන් සංඛ්‍යාව 09කි.

ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් විරෝධතා මෙහෙයවයි.