කෝටි 15කට අධික කොකේන් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
September 30, 2025 07:27 pm
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය කුමාර මහතා සහ එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි එම සැකකරු පානදුර හිරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් කිලෝග්‍රෑම් 2ක් නිවසක තිබී සොයාගෙන ඇති අතර අනෙක් කිලෝව සොයාගෙන ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටියදීයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 15කට අධික බව පොලීසිය පැවසීය.
සැකකරුවන් සතුව තිබී මේවන විට සේවයේ සිටින පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් ද සොයාගෙන තිබේ.
මොවුන් මෙම මත්ද්‍රව්‍ය තරුපන්තියෝ හෝටල්වල ඇති රාත්‍රී සමාජ ශාලාවෙත අලෙවි කරන බවද පොලීසිය සඳහන් කළේය.
මෙම ජාවාරම ඩුබායිහී සිටන පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.