ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ
September 29, 2025 05:21 pm
වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකින් පසුගියදා සොයාගත් මත්ද්‍රව්‍ය, මෙරටින් මෙතෙක් හමු නොවූ, ඉතා දරුණු ගණයේ මත්ද්‍රව්‍ය වර්ගයක් වන 'Mephedrone' නම් මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ එම ස්ථානයෙන් ලබාගත් සාම්පල සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාවෙන් ඒ බව අනාවරණය වී ඇති බවය.
වැලිගම පොලීසියට ලැබුණ තොරතුරකට අනුව පසුගිය 21 වැනිදා සිදුකළ වැටලීමක දී නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා මෝල්දෝවා ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම ස්ථානයේ තිබී අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබූ බව සඳහන්ය.
පසුව එම සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබූ බව පොලීසිය සඳහන් කළේය.
එහි වාර්තාවට අනුව අදාළ මත්ද්‍රව්‍ය, අයිස් වැනි සෙසු මත්ද්‍රව්‍යවලට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යයක් වන මෙෆඩ්රෝන් නම් මත්ද්‍රව්‍යය බවට අනාවරණය වූ බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළා.
'Mephedrone' මත්ද්‍රව්‍ය මෙරටින් සොයාගෙන ඇත්තේ පළමු වරට බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.