මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගනී
September 29, 2025 11:43 am
මැවනැල්ල අලුත්නුවර මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් මතට පස් කන්ඩියක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගියේය.
ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබුණේ නිවසක බැම්මක් ඉදිකිරීමට පස් කපමින් සිටින අතරතුරයි.
මාවනැල්ල, අලුත්නුවර මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක පැති බැම්මක් ඉදිකිරීම සඳහා මෙම පිරිස පස් කන්ඩියක් කපමින් සිට ඇති අතර එහිදී එකවැරම එම පිරිස මතට ඊට ඉහළින් තිබූ යාබද පස් තට්ටුව කඩා වැටී තිබුණේ අද පෙරවරු 9.30ට පමණි.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් සිව්දෙනෙක් එහි පස්කපමින් සිට ඇති අතර ඉන් තිදෙනෙකු පස්වලට යටවී තිබුණි.
අදාළ පාර්ශ්ව සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් පස් කන්දට යටවූ පුද්ගලයින් දෙදෙනෙකු මුදාගැණුනේ දැඩි පරිශ්‍රමයකිනි.
නමුත් ඒ වන විටත් ඔවුන් මියගොස් තිබු අතර පසුව අනෙක් පුද්ගලයාගේ සිරුරද සොයාගෙන තිබුණි.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ පල්ගෙදර සංජිව නන්දසිරි නැමති 47 හැවිරිදි අයෙක්, පල්ලැත්තර ගෙදර ජිනනසෝම නැමැති 63 හැවිරිදි දෙදරු පියෙක් සහ 43 හැවිරිදි එස්.පි. ලලිත් ප්‍රියන්තකුමාර නැමැති අයයි.
අද උදෑසන වැඩ අරම්භකරන අවස්ථාවේ සේවකයින් සිවුදෙනකු එහි සේවය කර ඇති අතර පස් තට්ටුව කඩා වැටෙන අවස්ථාවේ දී ඉන් එක් අයෙකු කිසියම් අවශ්‍යාතවක් සඳහා ඉන් පිටතට පැමිණ තිබුණි.
පස් කන්ඩියට යටවී මරණයට පත්වූවන්ගේ මළසිරුර මේ වනවිට මාවනැල්ල මූලික රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාවනැල්ල පොලීසිය මගින් සිදුකරනු ලබයි.