සයුරෙන් එතෙර
ඉන්දු - රුසියා සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට සැරසෙයි
September 27, 2025 08:01 am
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිමිත්‍රි පැට්‍රෂෙව් හමුවී සාකච්ඡා කර තිබේ.
ඒ, රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය අතරතුරදීය.
එහිදී දෙපාර්ශ්වය අතර කෘෂිකර්මාන්තය, පොහොර සහ ආහාර සැකසීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳ සාකච්ඡා කර ඇතැයි පැවසෙයි.
එමෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව අදහස් හුවමාරු වී තිබේ.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ 23 වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව සඳහා රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට පිළිගැනීම සඳහා සූදානමින් පසුවන බවය.