ප්‍රංශ - ඉන්දියා සහ ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශනයක් 27 සහ 28 වැනිදා
September 26, 2025 10:30 pm
චිත්‍රපට උරුමය පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමග ඒකාබද්ධව ප්‍රංශ තානාපති කාර්යාලය FISCH (ප්‍රංශ - ඉන්දියාව - ශ්‍රී ලංකා සිනමා උරුමය) ව්‍යාපෘතිය යටතේ චිත්‍රපට ප්‍රදර්ශනයක් හෙට (27) සහ 28 වැනි දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදී පැවැත්වේ.
මේ සඳහා ප්‍රංශය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එම චිත්‍රපට සහ චිත්‍රපට ප්‍රතිසංස්කරණ අධ්‍යාපන වැඩමුළුක්ද මෙහිදී පැවැත්වීමටද නියමිතය.
මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුවන බවත් අධ්‍යාපන වැඩමුළුව සඳහා ලියාපදිංචි කර ඇති පිරිස පමණක් ඇතුළත් කරගන්නා බවද එම සංවිධායක කමිටුව පවසයි.