ගංවතුරෙන් අසරණ වෙන පාකිස්තානය
සයුරෙන් එතෙර

ගංවතුරෙන් අසරණ වෙන පාකිස්තානය

September 26, 2025   02:27 pm

ඉකුත් ජුනි මාසයේ සිට පාකිස්තානයට බලපෑ ගංවතුර හේතුවෙන් මිලියන 2කට අධික පිරිසකට මේ වනවිට නිවාස අහිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ගංවතුර සහ ආපදා හමුවේ මියගිය පිරිස දහසකට අධික බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තාන ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක්, එනම් ඔවුන්ගෙන් සියයට 40ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර ඔවුන් පැවැත්ම සඳහා අරගල කරමින් සිටී. 

ආපදා කළමනාකරණය සඳහා අරමුදල් රැස් කිරීමට ද පාකිස්තානය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින පසුබිමක පාකිස්තානය නිතර ගංවතුර ආපදාවලට මුහුණ දෙන තත්ත්වයක් නිරීක්ෂණය කරන බව විදෙස් මාධ්‍ය පවසයි.