මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු GovPay හරහා අද සිට
September 26, 2025 01:57 pm
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද (26) සිට GovPay හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ගේ ඕනෑම ගෙවීම් කටයුත්තක් GovPay හරහා අද සිට සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවය.
ඒ අනුව මෙම ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ට කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශය පවසයි.
රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය හා අනුගත වෙමින් මේ වන විට රජයේ ආයතන බොහොමයක් තොරුතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජකාරී කටයුතු සිදු කරනු ලබන අතර ඒ අනුව රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස 'GovPay' ගෙවීම් පහසුකම මෙම වසරේ හඳුන්වා දෙන ලදී.
මේ වන විට රජයේ ආයතන 137 ක් GovPay හරහා සම්බන්ධ වන අතර 138 වන රාජ්‍ය ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය අද (26) දින සිට සේවාලාභීන්ගේ ඕනෑම ගෙවීම් කටයුත්තක් GovPay හරහා සිදු කිරීම සඳහා අවස්ථාව මෙමගින් සලසා දී ඇත.