ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
September 26, 2025 08:36 am
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය අද (26) රාත්රී 10 දක්වා වලංගුවේ.
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න
කළුතර දිස්ත්රික්කය - වලල්ලාවිට
මාතර දිස්ත්රික්කය - වැලිපිටිය
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න
ගාල්ල දිස්ත්රික්කය
- නාගොඩ
- ඇල්පිටිය
- බද්දේගම
- යක්කලමුල්ල
කළුතර දිස්ත්රික්කය:
- පාලින්දනුවර
- මතුගම
මාතර දිස්ත්රික්කය:
- කොටපොල
රත්නපුර දිස්ත්රික්කය:
- ඇලපාත
- කලවාන
- පැල්මඩුල්ල