පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
September 23, 2025 09:30 am
පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් පැවසුවේ අද (23) දිනයේ සිට ලබන 26 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බවය.
අද දිනයේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
හෙට දිනයේ දී දණ්ඩ නීතී සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීම සදහා විවාදය පැවැත්වීමට නියමිතය.
ලබන සිකුරාදා දිනයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සිව්වන වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේය.