කදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට
September 22, 2025 09:47 pm
මහනුවර දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් 'කදිරා' නැමති අලියා ඇත් ගොව්වාට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
අලියාගේ පහරදීමෙන් තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වනවිට මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔහුගේ තත්ත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි වන අතර, අභ්‍යන්තර ලේ වහනය වීම හේතුවෙන් මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ආහාර ලබාදීමට යෑමේ දී අලියා එක්වරම පහරදී ඇති අතර තුවාල ලබා ඇත්තේ, අවුරුදු 22ක් වූ ධනුෂ්ක රුවන් කුමාර නැමති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.