නීතිවිරෝධීව රත්‍රං රැගෙන ආ කාන්තාවක් රිමාන්ඩ්

නීතිවිරෝධීව රත්‍රං රැගෙන ආ කාන්තාවක් රිමාන්ඩ්

September 22, 2025   06:27 pm

නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං රැගෙන එමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවක් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සඟවාගෙන තිබූ ග්‍රෑම් 1,002.2 ක් බරැති රත්‍රං බවට සැක කෙරෙන ද්‍රව්‍යයක් අඩංගු capsules හැඩති බහාලුම් දෙකක් හමුවී ඇත.

ඇය ඊයේ (21) චෙන්නායි සිට පැමිණ ඇති අතර කොළඹ 12 ප්‍රදේශයේ 41 හැවිරිදි පදිංචිකාරිනියක් බව අනාවරණය වී තිබේ.

සැකකාරිය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.