ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට

ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට

September 20, 2025   05:08 pm

කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අක්‍රිය වී තිබූ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කර තිබේ.

පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර ඇති 'දේශසීමා පාලන පරිගණක පද්ධතිය' අද පස්වරු 01.45ට පමණ අක්‍රිය වු බව ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ හේතුවෙන් මගී නිෂ්කාශන කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයෙන් බැහැරව සිදුකිරීමට සිදුව තිබුණි.

කෙසේවෙතත් පැය 02කට අධික කාලයකට පසු පරිගණක පද්ධතියේ ඇතිවු දෝෂය යථා තත්ත්වය පත් කිරීමට කටයුතු කර ඇති බව ගුවන්තොටුපොළ ආගමන විගමන බලධාරීන් සඳහන් කළේය.

පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබන මෙම පරිගණක පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් අවස්ථා කිහිපයක දී වාර්තා වී ඇති අතර බොහෝ දිනවල පස්වරු කාලයේ එම පද්ධතියේ මන්දගාමී ස්වභාවයක් නිරීක්ෂණය වන බවද වාර්තා වෙයි.