රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට
September 17, 2025 06:59 pm
ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (17) පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
මෙහිදි රුමේෂ් මීටර් 82.8ක දක්ෂාතාවක් දක්වා 12වන ස්ථානය දිනාගැනීමත් සමග මෙම අවස්ථාව හිමිකරගත්තේය.
මෙම තරග ඉසව්වෙන් අවසන් මහා තරගයට පිවිසීමට හැකිවන්නේ ක්‍රීඩකයන් 12 දෙනෙකුට පමණක් වන අතර, ඉන් තිදෙනෙක්ම දකුණු ආසියානු (ඉන්දියාව, පාකිස්තානය) ක්‍රීඩකයන්වීම විශේෂත්වයක්.
ඔවුන් හැරෙන්න වෙනත් කිසිදු ආසියානුවෙකුට මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 37 දෙනෙකු තරග වැඳුණු අතර, ඔවුන් අතරින් මීටර 81.86ක දක්ෂාවක් දැක් වූ සුමේද රණසිංහට 15වන ස්ථානය හිමිවිය.