සයුරෙන් එතෙර
Gen Z නායකයින් නේපාලයේ අනාගතය ගැන කතා කරයි
September 16, 2025 04:23 pm
ජීවිත 60කට අධික සංඛ්‍යාවක් අහිමිවී විශාල පිරිසකට තුවාල සිදුවූ නේපාල අරගලයෙන් පසු ලැබූ නේපාලයේ Gen Z ව්‍යාපාරය දූෂණයෙන් තොර දේශපාලනයක් සහ තාරුණ්‍යයට වඩා හොඳ අවස්ථා සඳහා වන පාලනයක් අපේක්ෂාවෙන් සිටී.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් Gen Z කමිටු සාමාජිකයින් මේ බව අනාවරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් දැන් පෙන්වා දෙන්නේ රට ආර්ථික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයට රට විවෘත කළයුතු බවය.
එමෙන්ම ඉන්දියාව සහ අනෙකුත් රටවල් නේපාලයේ ආයෝජනය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවද ඔවුන් පවසයි.
තරුණ ප්‍රජාව දොස් නගන්නේ ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව නේපාලය වත්මන් තත්ත්වයට තල්ලු කළ වැරදි පාලනය මෙහෙයවූ සියලු නායකයින්ට සහ නිලධාරීන්ට බවද Gen Z නායකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.